අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් රැකබලා ගැනීමට වෘත්තීමය ශ්‍රම බලකායක් Featured

    ජූනි 26, 2014
    පුද්ගලයකු වයසින් වයෝවෘද්ධවීමත් සමඟ ම ශාරීරික හා මානසික අවදානම් තත්ත්වයකට හා සමාජීය වශයෙන් හුදකලා තත්ත්වයකට පත්වන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.
     
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා  අනුරාධපුර මෙරීට් හෝටලේ පැවති වැඩිහිටි බල මණ්ඩල  උත්සවයකට සහභාගී වෙමිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “වියපත් වීමෙන් හුදකලා වන වැඩිහිටියන් රැකබලා ගැනීමේ වගකීම  සමාජය සංකීර්ණ වීමත් සමඟ ම සමාජයෙන් ගිලිහී යමින් පවතිනවා. අද ශ්‍රී ලංකාවේ 16% පමණ වන වැඩිහිටි ප්‍රතිශතය වර්ෂ 2030 වනවිට 22% වැඩි ප්‍රමාණයක්, එනම් සෑම පුද්ගලයින් පස් දෙනෙකුටම එක් අයකු වැඩිහිටියෙක්.  මෙය දකුණු ආසියාවේ අන් රටවල් සමඟ සැසදීමේදී ඉහළ ම වැඩිහිටියන්ගේ වර්ධනය බව කරන ලද අධ්‍යනවලින් හදුනාගෙන තියෙනවා. මෙම තත්ත්වය මත අනාගතයේදී  වැඩිහිටියන් රැකබලා ගැනීම ජාතික ගැටලුවක් බවට පත්වීමට ඉඩ තියෙනවා. ඒ සඳහා වර්තමානයේ සිට ම අප අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලාගත යුතුයි".
     
    සමාජ සේවා අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ වැඩිහිටියන් රැකබලා ගැනීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යාමේදී පැන නගින ප්‍රධාන ගැටලුව වෘත්තීමය පුහුණුවක් ලැබූ සත්කාරක සේවා සපයන්නන් නොමැති වීමයි. මේ නිසා වැඩිහිටියන් රැකබලා ගැනීම වෘත්තිමය වශයෙන්  කිරීමට න්‍යායාත්මක, ප්‍රායෝගික දැනුම හා කුසලතාවයන් පිරිපුන් විධිමත් පුහුණුවක් ලබා දිය යුතුයි. මේ සඳහා පුහුණු මානව සම්පත් අවශ්‍යතාවයන් අප හදුනාගෙන තියෙනවා. එයටත් පිළියම් යොදමින් පවතිනවා යන්නයි. 
     
    මේ අනුව වැඩිහිටි සත්කාරක සේවාවල නිරතව සිටින, නිරත වීමට අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට සාර්ථක වැඩිහිටි දිවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමට සමාජ සංවර්ධන ආයතනය මඟින් ‘වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya