අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිකත හෝරාව සැමරීම හෙට

    මාර්තු 28, 2014

    හෙට (29) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා මිහිකත හෝරාව සැමරීමට නියමිත අතර, ලාෆ්ස් ඉකෝ ශ්‍රී ආයතනය මිහිකත හෝරාව සැමරීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන පසුගිය (24) වනදා සිට (29) වනදා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

     

    ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති ලාෆ්ස් ඉකෝ ශ්‍රී දුම් පරික්ෂණ මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාවක් සමඟ පසුගිය (24) වනදා සිට සම්බන්ධ වූ රථවාහන හිමියන්ගෙන් මිහිකත හෝරාව වෙනුවෙන් වූ අත්සන් 50000ක් ලබා ගැනීම මේ හරහා සිදු කරන ලදී.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මිහිකත හෝරාව සැමරීමේ ප්‍රතිඥාව වෙනුවෙන් අත්සන් කරමින් එම වැඩසටහන සඳහා සිය දායකත්වය ප්‍රකාශ කළේය. එම අත්සන් තැබීම අද (28) බත්තරමුල්ල පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    මිහිකත හෝරාව සැමරීම යනු 2007 දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භ කෙරුණ ව්‍යාපෘතියකි. ජනතාවගේ පරිසර සංවේදීත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම සංකල්පය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරුණ අතර, 2007 මාර්තු 31 දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මිලියන 2.2ක් පමණ වූ ජනතාව පැයක් විදුලි ආලෝකය නිවා දමමින් මෙම හෝරාව සැමරීමට එක් වූහ. අද වන විට මෙම අවස්ථාව සැමරීම වෙනුවෙන් ලොව පුරා රටවල් 152කට අධික සංඛ්‍යාවක් වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

    පරිසර අමාත්‍යවරයා මෙම ප්‍රතිඥාව අත්සන කිරීමේ අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, අතිරේක ලේකම්වරු වන ආර්.ඒ.ආර්.ආර්. රූපසිංහ, එන්.කේ.ජී.කේ. නැම්මවත්ත යන මහත්වරු සහ ලාෆ්ස් ඉකෝ ශ්‍රී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අද්මිරාල් දමයන්ත ධර්මසිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya