අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම හෙට Featured

    මාර්තු 28, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම හෙට (29) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙයි. මෙහිදී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාත් සභාවට සභිකයන් 102ක් තෝරා ගැනෙති.

     

    කොළඹ දිස්ත්‍රික්කයෙන් 40ක්, ගම්පහින් 40ක් හා කළුතරින් 22ක් ලෙස මෙහිදී මන්ත්‍රීධූර තෝරා පත්කර ගැනේ.

     

    බස්නාහිර පළාත සඳහා ඡන්දදායකයන් 4,024,623ක් ලියාපදිංචි වී සිටිති. ඉන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා 1,552,733ක්ද ගම්පහට 1,590,076ක් හා කළුතර 881,814ක් ලෙස ඡන්දදායකයෝ ලියාපදිංචි වී සිටිති.

     

    දකුණු පළාත් සභාව සඳහා සභිකයන් 53 දෙනෙකු තෝරා පත් කර ගන්නේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වෙනුවෙනි.

     

    මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් 22ක්, මාතරට 17ක් හා හම්බන්තොටට 14ක් ලෙස මන්ත්‍රීධූර තෝරා පත්කර ගැනෙති.

     

    දකුණු පළාත සඳහා ඡන්දදායකයන් 1,873,804ක් ලියාපදිංචි වී සිටිති. ඉන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 809,882ක්ද මාතරට 608,524ක් හා හම්බන්තොට 455,398ක් ලෙස ඡන්දදායකයන් ලියාපදිංචි වී සිටිති.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya