අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි ගඟ හරහා තවත් නව පාලමක් Featured

    මාර්තු 28, 2014

    දෙවන නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපන් යෙන් මිලියන 35,020 (දළ වශයෙන් රු. මිලියන 45,526ක) ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) හරහා ලබාදීමට ජපාන රජය විසින් එකඟතාව පළකර ඇත.


    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මැතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්ද මෙම මූල්‍ය ප්‍රදාන එකඟතාවට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කරන ලද අතර, මීට අදාළ ණය ගිවිසුම සඳහා මුදල් හා  ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි ආමඩා මහතා විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී  අද (28) අත්සන් තබන ලදී.
    ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 1989 වසරේ සිට ප්‍රදාන ආධාර සපයනු ලබන ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු වන්නේ ජපානයයි. මේ නව පාලම මඟින් කොළඹ නගරයට හා අධිවේගී මාර්ග ජාලයට ප්‍රවේශවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වේ.

    රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුළින් මුළු රටම ආවරණය වන පරිදි විහිදුණු නවීන ආර්ථික යටිතල පහසුකම් පද්ධතියක් අපේක්ෂා කරනු ලබයි. මැදි ආදායම් සහිත ආර්ථිකයකට ගැළපෙන පරිදි අධිවේගී මාර්ග ජාලයක් සමඟ රටපුරා පැතිරුණු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට සමඟාමීව මහින්ද චින්තන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනාගෙන ඇති රජයේ උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහනද මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් පවතී. මෙම වැඩසටහන යටතේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන්නා වූ නගර සියල්ල ඒවායේ අනන්‍යතාව තහවුරු වන ආකාරයට සැලසුම්ගත නගර ලෙස සංවර්ධනය කෙරෙනු ඇත.

    රජයේ උපායමාර්ගික නගර සංවර්ධනය යටතේ කොළඹ නගරය නවීන නගරයක් බවට පරිවර්තනය වීමත්, අධිවේගී මාර්ග ජාලය සාර්ථක ලෙස නිමකරමින් පැවතීමත් නිසා දැනට භාවිතයේ පවතින කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීමට හා කොළඹ නගරයේ සිට අධිවේගී මාර්ග ජාලය සඳහා‍ ඇති පිවිසුම් මාර්ග වැඩිකර ගැනීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතී.


    ECB

    Kelanipalama2014

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya