මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොටට නව තොරතුරු තාක්ෂණ උද්‍යානයක් Featured

    මාර්තු 27, 2014

    හම්බන්තොට ඉදිකිරීමට පියවර ගෙන ඇති තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ලබන මැයි මස වන විට ආරම්භ කිරීමට හැකි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

     

    දැනට එහි ටෙන්ඩර් කටයුතු අවසන් කෙරෙමින් පවතී. මෙහි මුල් අදියර තුළ වර්ග අඩි දෙලක්ෂයක ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කිරීමට නියමිත අතර, එහි සාර්ථකත්වය මත දෙවන අදියර තුළ වර්ග අඩි දශලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂිත වේ.

     

    මෙහි සියලු ම ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් සැපයෙනුයේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව මගිනි. ඒ සඳහා රුපියල් මිලියන 3500ක් පමණ වැයවෙනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙම තොරතුරු තාක්ෂණ උද්‍යානය ( IT Park) ඉදිකිරීමත් සමඟ ලංකාව තුළ තොරතුරු තාක්ෂණ අවස්ථා වැඩි වැඩියෙන් ජාත්‍යන්තරයට විවර කර දිය හැකි වන අතර, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා  ජනිත කිරීමටත්, රට තුළට ගලා එන විදේශ විනිමය වැඩි කිරීමටත් හැකි වේ.


    මෙම තොරතුරු තාක්ෂණ උද්‍යානය ඉදිකිරීමෙන් පසු ඒ සඳහා දායකත්වය ලබාදීමට විදුලි සංදේශ සමාගම් කිහිපයක් සහ ITBPO සමාගම් රාශියක් දැනටමත් එකඟතාවය ලබාදී ඇති බව අනූෂ පැල්පිට මහතා පැවසීය.


    මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබූ ජාත්‍යන්තර විගණන ආයතනය විසින් තොරතුරු තාක්ෂණ උද්‍යානය සඳහා වැය වන සියලු ම පිරිවැය වසර දහයක් ඇතුළත සම්පූර්ණයෙන් ම පියවා ගැනීමට හැකි බවට තක්සේරු කර ඇති බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසුවේ මෙහි ඉදිකිරීම්  තුළ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු 2016 වන විට අවසන් කළ හැකි වනු ඇති බවයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya