අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ මාරු කරන හෝ පක්ෂ නායකත්වයට එරෙහිවන දේශපාලනඥයන් පිළිබඳ ප්‍රචාරයන් තහනම්

    මාර්තු 27, 2014

    ඡන්ද විමසීමක් පවතින මෙම කාලවකවානුව තුළදී යම් යම් දේශපාලන ක්‍රියාකාරීන් හා අපේකෂිකයන් විසින් කරන පක්ෂ මාරුවීම් හා නායකත්වයට එරෙහිව කරන ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රවෘත්ති පළවෙමින් පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


    එම නිවේදනයෙහි තවදුරටත් දක්වා ඇත්තේ, එවැනි පක්ෂ මාරු කිරීම් හා නායකත්වයට එරෙහිවීම් පිළිබඳව විශාල ප්‍රචාරයක් මාධ්‍ය තුළින් නිරායාසයෙන් ම සිදුවන බවයි. දැනට ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්ව ඒ සඳහා සියලු ම කටයුතු පිළියෙළ වෙමින් පවතින නිසා මෙවැනි ප්‍රචාර මගින් ඇතැම් පක්ෂවලට ප්‍රවර්ධනයක් ද තවත් පක්ෂවලට අගතියක් ද සිදුවන හෙයින් පක්ෂ මාරු කරන නැතහොත් නායකත්වයට එරෙහිවන අපේක්ෂයන්/ ක්‍රියාකාරීන් විසින් මාධ්‍ය හරහා කරනු ලබන ප්‍රකාශවලට පිළිතුරු දීමට එම අපේක්ෂකයන්/ ක්‍රියාකාරීන් අයත්ව සිටි පක්ෂවලට ද මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමට ඒ හා සමාන අවස්ථා ලබාදීමත් සහ එසේ පක්ෂ මාරු කරනු ලැබූ අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු හා ඔවුන්ගේ ප්‍රකාශ වරින් වර නැවත විකාශය කිරීමෙන් වැළකී සිටීමත් අත්‍යවශ්‍ය බව සියලු ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත මැතිවරණ මහලේකම් කාර්යාලය සිය නිවේදනය මගින් දන්වා සිටී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya