අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙනස් වන ලෝකය තුළ තාක්ෂණික හා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි

    මාර්තු 27, 2014

    තාක්ෂණයත් සමඟ පරිවර්තනයන් සිදු වන ලෝකය තුළ දරුවන්ට තාක්ෂණික දැනුම හා ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය වන බවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකර සුළු සුළු සිද්ධීන් ගැන සෙවීමට යොමු වූ පිරිසක් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) බත්තරමුල්ල, එම්.ඩී.එච්. ජයවර්ධන මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    ලෝකයේ e-book ඔස්සේ දරුවන් ඉගෙනීමේ කටයුතු සඳහා යොමු වී සිටිනු ඇත. ඒ ඒ රටවල Smart class room දක්වා සිය පන්ති කාමර දියුණු වී තිබෙන අතර ශ්‍රී ලංකාවේ එවැනි පන්ති කාමර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    තාක්ෂණ විෂය ධාරාව හදාරා සිසුන්ට ලබන වසරේ සිට පාසලේ අස්වීමේ සහතිකය සමඟ ජාතික හා ජාත්‍යන්තරව පිළිගන්නා NVQ 3 සහතිකය ලැබෙන බවත් වැරදි වැරදි හරි ඉංග්‍රීසි භාෂාව ඇතුළු අනෙකුත් භාෂා ඉගෙන ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    ගණිතයට දුර්වල සිසුන්ට ගණිතාගාර මඟින් ගණිත හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා පාසලේ දරුවන්ට ජීවිතය ලබා නොදුන් විට ඔවුන් සමාජ ප්‍රචණ්ඩත්වය ඇති කරන බවත් අවධාරණය කළේය.

    අධ්‍යාපනය අද්‍යතන යුගයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා රාජ්‍ය නායකයන් පසුකාලයේ නොසිටි බවත් එම අභියෝගවලට මුහුණදීමට ශක්තියක්, බලයක් ඇති එකම රාජ්‍ය නායයකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya