අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙල්කඳ ඉඩම් කාර්යාලයේ ඔප්පු පත්ඉරු ලබාදීම කාර්යක්ෂම වේ

    මාර්තු 27, 2014

    දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ඉඩම්වල ඔප්පු පත්ඉරු ලබා ගැනීමට එන මහජනතාවට ඒවා පැය භාගයක් වැනි ඉතා කෙටි කාලයකින් දැන් ලබාගත හැකි බව ඉඩම් රෙජිස්ට්‍රාර් දිලුකා පී. විතානච්චි මහත්මිය පවසයි.

    මීට පෙර ඒ සඳහා දින දෙකක පමණ කාලයක් ගත වූවත් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  (ICTA- ඉක්ටා) ඔප්පු පත්ඉරු ස්කෑන් කර පරිගනකගත කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණ සහයෝගය ලබාදීම නිසා මේ ආකාරයට මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට පුළුවන් වූ බව ඇය වැඩි දුරටත් පවසයි.

     

    මේ පිළිබඳ අදහස් දක්වන රෙජිස්ට්‍රාර් දිලුකා පී. විතානච්චි මහත්මිය පැවසුවේ, ‘‘දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය කෝට්ටේ, මහරගම, කැස්බෑව, මොරටුව, රත්මලාන සහ දෙහිවල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට අයත් ඉඩම් ලියාපදිංචි කරනවා. දිනකට ඔප්පු පත්ඉරු ලබාගැනීම සඳහා 500ක් පමණ අපේ කාර්යාලයට පැමිණෙනවා. මීට කලින් එසේ එන අයට ඔප්පුවක පත්ඉරු ලබා ගැනීම සඳහා දින දෙකක් පමණ ගත වුණා. ඒ සඳහා දෙවරක් අපේ කාර්යාලයට එන්න සිදු වුණා.

     

    නමුත් දැන් කාර්යාලයට එන පළමු දවසේම පැය භාගයක පමණ කෙටි කාලයකින් එම කාර්ය කර ගන්න පුළුවන්. අපට මේ වගේ ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට පුළුවන් වුණේ ශ‍්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මූල්‍ය සහ තාක්ෂණ සහය නිසයි. එම ආයතනයේ සහායෙන් ඔප්පු පත්ඉරු ස්කෑන් කරලා පරිගනකගත කළා. ඊට අමතරව කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු පරිගනක ජාලගත කළා. මේ කටයුතු ශ‍්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා අපේ කාර්යාලයට කීපවරක් පැමිණ සොයා බැලුවා.

     

    ඒ නිසා දැන් මහජනතාවට පෙරට වඩා ඉතා හොඳ සේවයක් ලබා දෙන්න අපට පුළුවන් වුණා.’’ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ නියෝජිතායතනයේ  ඉ-ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ කොළඹ, ගම්පහ සහ දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල සියලු ම කටයුතු පරිගනකගත කිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිටත් ආරම්භ කර ඇත. මෙමගින් ජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි සේවයක් ලබාදිය හැකි අතර වංචා- දූෂණ අවම කරගත හැකිය.

     

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya