අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය යාත්‍රා 4ක් අත්අඩංගුවට Featured

    මාර්තු 27, 2014

    නාවික හමුදාවෙන් කිසිම පහරදීමක් සිදු වී නෑ

     

    අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධිවරයින් 19 දෙනෙකු සහ ට්‍රෝලර්  යාත්‍රා 4ක් ඊයේ (26) අත්අඩංගුවට ගත් බවත් කිසිම අවස්ථාවක ඉන්දීය ධීවරයින්ට පහරදීමක් හෝ එවැනි ක්‍රියාවක් නාවික හමුදාවෙන් සිදු වී නොමැති බව වගකීමෙන් පවසන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි.

     

    උතුරු මැද නාවික විධානයට අයත් මුර සංචාරක නාවික යාත්‍රාවලට අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මන්නාරමට උතුරින් ඇතුළු වූ මෙම ධීවර යාත්‍රා හමු වී ඇත.

     

    අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා තලෙයි මන්නාරමේ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාර දී තිබේ.

     

    අනවසරයෙන් පැමිණ කච්චතිව් දූපත නුදුරු ශ්‍රී ලංකා මුහුදේ වැලිපරයක හිරවී තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ ධීවරයින් 5 දෙනෙකු ඉන් මුදාගෙන ඩෙල්ෆ් දූපතේ පොලිසිය වෙත භාර දුන් බව ද නාවික හමුදාව පවසයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya