අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 18වැනි උපාධි ප්‍රදානෝත්සවය අප්‍රේල් 5වැනි දා

    මාර්තු 27, 2014

    මඩකළපුව, එරාවුර්, වන්දාරමුල්ල පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 18වැනි උපාධි ප්‍රදානෝත්සවය ලබන අප්‍රේල් 5වැනි දා එම විශ්වවිද්‍යාලයේ නල්ලයියා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 



    මෙම උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා සහභාගි වන බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති කිත්නන් ගෝවින්දරාජා මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.  

    එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් උප කුලපතිවරයා කියා සිටියේ පසුගිය කාලවකවානුවේදී දින 2ක් පුරා උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණු බවත් මෙවර එක් දිනයක කොටස් 3කට බෙදා මෙම උත්සවය පවත්වන බවත්ය. 

    ඒ අනුව පෙරවරු 8.30ට ආරම්භ වන අතර පෙරවරු 9.00 සිට උපාධිධාරීන් 207 දෙනෙකුටද, මධ්‍යහන 12.00 සිට 243 දෙනෙකුටද, පස්වරු 2.00 සිට 304 දෙනෙකුට ද වශයෙන් උපාධිධාරීන් 754 දෙනෙකුට උපාධි සහතික ප්‍රදානය කිරීමට නියමිතය.  

    මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී තම අධ්‍යයන ක්ෂේත්‍රයන්හි ඉහළම දක්ෂතා දක්වා ඇති 4දෙනෙකුට රන් සම්මාන ලබා දෙන බවත්, තවත් 30දෙනෙකුට මුදල් ත්‍යාග ලබා දීමටත් තීරණය කොට ඇත.  

    මෙම මාධ්‍ය හමුවට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ රෙජිස්ට්‍රාර් කේ. මගේෂන් සහ ඒ ඒ පීඨයන්හි අධ්‍යනාංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද එක් වූහ. 


    MLIR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya