අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර පොසොන් සතිය ජුනි 09 වනදා සිට 15 වනදා දක්වා

    මාර්තු 27, 2014

    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පවත්වන පොසොන් උත්සවය පිළිබඳ මූලික සාකච්ඡාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  මාර්තු මස 25 වනදා අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මේ අවස්ථාවට ශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශවයේ, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක, රුවන්වැලි සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය  ද වැඩම කළහ. එම රැස්වීමේ දී දිසාපතිවරයා විසින් මෙවර පොසොන් උත්සවය ජුනි මස 09 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට තීරණය කරනු ලැබීය.

     

    දාන, ශීල භාවනා වැඩසටහන්, භක්ති ගීත, ආදි ආගමානුකූල වැඩසටහන් පිළිබඳව මෙන්ම මහජනතා‍වගේ පහසුව සඳහා අවශ්‍ය සියලු ම කටයුතු සංවිධානය කිරීමේ වගකීම් පැවරීම ද මෙහිදී සිදුවුණා. නගරයේ ආරක්ෂාව ,පරිසරය , ජලය සැපයීම, සනීපාරක්ෂක කටයුතු , සෞඛ්‍ය පහසුකම්, ජීවිතාරක්ෂක සේවා ආදී අංශ කෙරෙහි වැඩි අවධානයක් මෙවරද යොමුකරන බව මහ දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා ද සහභාගී විය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya