අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් ජනතාව ජාතික සමඟියට, ආරක්ෂාවට පෙනී සිටියා

    මාර්තු 27, 2014
    ශ්‍රී ලංකාවේ සෑම අවස්ථාවකම ජාතික සමඟියටත්, දේශීය ආරක්ෂාවටත් පෙනී සිටි ජාතියක් ලෙස මුස්ලිම් ජනතාව හැඳින්විය හැකි අතර ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂාවට සහ පක්ෂයේ වර්ධනයට විශාල කැපවීමකින් කටයුතු කළ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     
    පලස්තීන ජනතාව තමන්ට ජීවත්වීමට තිබූ මව්බිම අධිරාජ්‍යවාදීන් විසින් බලහත්කාරයෙන් උදුරාගෙන කටයුතු කරන අවස්ථාවේදී පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් එඩිතරව ඉදිරියට පැමිණි නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැඳින්විය හැකි යැයිද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, කටාන, දිවුලපිටිය, මීරිගම ඇතුළු මැතිවරණ කොට්ඨාස 13ක මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මුස්ලිම් නායකයන් සමඟ මීගමුවේදී ඊයේ (26) පැවති රැස්වීමකදීය.
     
    " ශ්‍රී ලංකාවේ සියළුම මුස්ලිම් ජාතිකයන්ගේ ආරක්ෂකයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරනවා. කුමන අවස්ථාවකදීවත් මොනම තර්ජනයක්වත් ඔවුන්ට වීමට ඉඩ තබන්නේ නෑ. ශ්‍රීලනිපයට මුස්ලිම් ජනතාව අළුත් පිරිසක් නොවේ. පක්ෂයේ ආරම්භයේ සිටම ජ්‍යෙෂ්ඨ නායකයන් අතර මුස්ලිම් නායකයන් සිටියා. බදියුදීන් මොහොමඩ් මහතාගේ සිට පක්ෂයේ ආරක්ෂාවට, පක්ෂයේ වර්ධනයට මුස්ලිම් ජනතාව කටයුතු කළා. එසේම දේශීය ආරක්ෂාවටත් එකල ඔවුන් පෙනී සිටියා".
     
    "කොටි ත්‍රස්තවාදීන් විසින් කාත්තන්කුඩි පල්ලියට, එරාවුල් පල්ලියට, අක්කරෙයිපත්තු පල්ලියට එල්ල කළ ප්‍රහාරවලින් අහිංසක මුස්ලිම් ජාතිකයන් සිය ගණනක් ඝාතනය වූණා. එහෙත් වසර 30ක කුරිරු යුද්ධය නිමකර මවිබිමට සාමය ගෙන ඒමත් සමඟම රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති වූණා. අද ඕනෑම ජාතිකයෙකුට බියකින් සැකයකින් තොරව ඕනෑම තැනක ජීවත් විය හැකියි. ජාති භේදයකින් තොරව සියළු පුරවැසියන්ට ජනාධිපතිතුමා එක හා සමානව සලකනවා".
     
    සෑම කෙනෙකුටම අනන්‍යතාවක් ඇති බවත් එය ආරක්ෂා කරන ගමන් සෑම කෙනෙකුටම එක විදිහට සලකන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා සමඟිය, සහෝදරත්වය රැක ආරක්ෂාකර ගැනීම අප සැමගේ වගකීමක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya