අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා සමුළුවේදී චීනය, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම්

    මාර්තු 27, 2014

    චීන ෂෙන්හයි ප්‍රාන්තයේ දේශපාලන උපදේශක කමිටු සභාපති ෂිමිං (Hon.Wu Zhiming) මහතා ඇතුළු දූත කණ්ඩායම හා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අතර හමුවක් පසුගියදා නියෝජ්‍ය කතානායක කාර්යාලයේදී පැවැත්විණි.


    ශ්‍රී ලංකාව මේ වන විට ලබා ගනිමින් සිටින සංවර්ධන දියුණුව පිළිබඳ ව චීන රජයේ ප්‍රශංසාව මෙහිදී පිරිනැමිණි. මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා චීනයේ උපරිම සහයෝගය ලබා දෙන බව ද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාව තුළ කරන ආයෝජනයෙන් දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් තුළ ද වෙළෙඳපොළ හිමි කර ගත හැකි බවත් අඩු පිරිවැටුපකට ශ්‍රමික සම්පත ලබා ගත හැකි නිසා ආයෝජකයන්ට වැඩි ලාභයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය තුළින් ලබා ගත හැකි බවත් නියෝජ්‍ය කතානායකවරයා, ෂිමිං මහතා ඇතුළු දූත කණ්ඩායමට පැවසීය.

    ෂෙන්හයි ප්‍රාන්තයේ වෙසෙන ප්‍රධාන ආයෝජකයන් මෙරට ආයෝජනය සඳහා යොමු කිරීමට හා සංචාරකයන් ශ්‍රී ලංකාවට යොමු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට ද එම දූත පිරිස එකඟතාව පළ කරනු ලැබීය.

    ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ඕනෑම ගැටළුවකදී චීනය, ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සඳහා නොපසුබටව ඉදිරිපත් වන බවට ද ඔවුන් නියෝජ්‍ය කතානායකවරයාට තහවුරු කර සිටියහ. ෂැන්හයි ප්‍රාන්තය හා ශ්‍රී ලංකාවේ කොළඹ නගර සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද මෙම සංචාරයේදී කටයුතු කරනු ලැබූ අතර ඒ තුළින් කොළඹ නගරයත්, ෂැංහයි නගරයත් අතර අන්‍යෝන්‍ය සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එම වැඩසටහනත් සාර්ථක කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙසට ද එම දූත කණ්ඩායම විසින් නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya