මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යවරයා හා කොරියානු පාර්ලිමේන්තු කණ්ඩායමක් අතර හමුවක්

    මාර්තු 27, 2014

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා කොරියානු ජනරජයේ ජාතික සභා සාමාජික (කොරියානු පාර්ලිමේන්තුවේ) ප්‍රතිපත්ති කමිටුවේ උප සභාපති Na,Seong-Lin මහතා ඇතුළු කොරියානු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායක් අතර හමුවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.


    ද්විපාර්ශවීය මිත්‍ර සම්බන්ධතා තරකර ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන නංවාලීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කොරියානු ප්‍රදානයන් ලබාදීමට ද මෙම පිරිස එකඟත්වය පළ කළහ.

    අධ්‍යාපනය තුළින් නිපුණතා හා තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ලබාදීම, උපකරණ ලබාදීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුරු පුහුණුවීම සඳහා එරට ගුරුවරුන් ලබාදීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චොයි ජොන්ග් මූන් (Mr.Choi Jong Moon) මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/KPM

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya