අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අයවැයෙන් යෝජිත සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර Featured

    මාර්තු 27, 2014

    2014 අයවැය මඟින් යෝජිත සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරමින් අර්තාපල් ගොවීන් හා ලක් සතොස ආයතන අතර "ඉදිරි වෙළෙඳ ගිවිසුම්"වලට එළැඹීමේ සමාරම්භක උත්සවය හෙට (28) පෙ.ව. 10.00ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිතය.

     

    දේශීය කෘෂි නිෂ්පාදනය පුළුල්කිරීම, දේශීය කෘෂි නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති කිරීම, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහතික කිරීම සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදනයන්ට දේශීය හා විදේශීය තරගකාරී වෙළෙඳපොළ වෙත බාධා රහිතව ප්‍රවේශවීමේ ඉඩප්‍රස්ථා නිර්මාණය කිරීම තුළින් 2016 වනවිට දේශීය කෘෂිකාර්මික අංශයේ වර්ධනය 10% දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ වේ.

    වගා බිම් ප්‍රමාණය වැඩිකිරීම, ඉහළ ඵලදායිතාවක් සහිත බීජ භාවිතය, කාර්යක්ෂම ජල කළමනාකරණ ක්‍රම හඳුන්වාදීම, ප්‍රවාහනයේදී සිදුවන අපතේ යාම් අඩුකිරීම හා නවීන ගබඩා පහසුකම් ඇති කිරීම යන උපක්‍රම ක්‍රියාවට නැංවීම තුළින් ඉහත අරමුණු වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තහවුරු වී ඇත. ඒ අනුව සහල්, බඩඉරිඟු, උඳු, මුං, කව්පි සහ සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ග මෙන්ම කුකුළු මස් හා බිත්තර වැනි සත්ත්ව නිෂ්පාදනවල ස්වයංපෝෂිත ඉලක්ක ඉක්මවා ආහාර ආනයන ආර්ථිකයක සිට ආහාර අපනයන ආර්ථිකයට මාරුවීම රජයේ ඉලක්කගත අපේක්ෂාව වේ.

    මෙරට ප්‍රධානතම ආහාර බෝග නිෂ්පාදනයන් වන අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් රටෙහි සමස්ත පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි දේශීය වශයෙන් නිෂ්පාදනය නොකෙරෙන බැවින් අධික විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් මේ වනවිට ආනයන කිරීමට සිදු වී ඇත. 2013 වර්ෂයේ දී අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් ආනයන සඳහා රු මිලියන 19,104ක් වැයකර ඇත. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ආහාර ආනයන ආර්ථිකයක සිට ආහාර අපනයන ආර්ථිකයට මාරුවීමේ ආරම්භක පියවර ලෙස 2015 වසර වනවිට අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස්  නිෂ්පාදනයෙන් 50%ක ස්වයංපෝෂිතභාවයක් ළඟාකර ගැනීමටද 2020 වනවිට අතිරික්ත නිෂ්පාදනයන් අපනයනය කිරීමේ තත්ත්වයට ළඟාවීමට ද අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. මෙමඟින් අදාළ භෝග වගාවන්හි නිරත ගොවීන්ගේ ආදායම තුන් ගුණයකින් පමණ වැඩිකිරීමටත්, එම භෝග ආනයනය සඳහා දළ වශයෙන් වාර්ෂිකව වැයවෙන ඇමරිකානු ඩොලර් මිලියන 148ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමටත් බලාපොරොත්තු වේ. මෙම  ඉලක්ක කරා ළඟාවීමට නම් ගොවි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් නොලැබීම, ගුණාත්මක බීජ රෝපණ ද්‍රව්‍ය හිඟකම හා ඒවායේ මිල අධික වීම වැනි කෘෂි භෝග නිෂ්පාදනයේදී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීමට ප්‍රමුඛතාව දිය යුතුය.

    ඒ අනුව, දේශීය අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් නිෂ්පාදන සඳහා සහතික මිල ක්‍රමයක් හඳුන්වාදීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත. මෙම සහතික මිල ක්‍රමය යටතේ අර්තාපල් කිලෝ. ග්‍රෑම් 1ක් සඳහා රු. 80.00ක සහතික මිලක්ද, ලොකු ලූනු කිලෝ. ග්‍රෑම් 1ක් සඳහා රු. 60.00ක සහතික මිලක්ද, වියළි මිරිස් කිලෝ. ග්‍රෑම් 1ක් සඳහා රු. 350.00ක සහතික මිලක්ද ගොවීන්ට ලැබෙන අතර, බීජ අර්තාපල් හා ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් බීජ අර්තාපල් කිලෝ. ග්‍රෑම් 1ක් සඳහා රු.160.00ක සහතික මිලක් ද, ලොකු ලූනු බීජ කිලෝ. ග්‍රෑම් 1ක් සඳහා රු. 12,000.00ක සහතික මිලක්ද ලබාදීමට රජය තීරණය කර ඇත.

     

    HC{jathumbnail off}

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya