අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ට “රන්සළු ප්‍රණාම” වට්ටම්පත

    මාර්තු 26, 2014

    රාජ්‍ය සේවයේ සිටින සියලුම සේවකයන් ඉලක්ක කර ගනිමින් “රන්සළු ප්‍රණාම” නමින් විශේෂිත වට්ටම්පතක් (Discount Card) හඳුන්වා දීමට චැනල් 17 ආයතනය පියවර ගෙන ඇත.

    මෙහි පළමු පියවර ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් හට පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් මෙම වට්ටම් කාඩ්පත් ලබා දෙනු ලැබීය.
     
    වැඩි වන ජීවන වියදමට සහනයක් ලෙස හඳුන්වා දෙනු ලැබූ මෙම කාඩ්පත මගින් නෝ ලිමිට්, කාගිල්ස් ෆුඩ් සිටි, හමීඩියාස්, සිංගර්, තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, ලංකා හොස්පිටල්ස්, ලාෆ් ගෑස්, DSI වැනි දිවයිනේ ප්‍රමුඛතම වෙළඳ ආයතන 40කට අධික සංඛ්‍යාවකින් දිවයින පුරා පිහිටි ඕනෑම ප්‍රදර්ශනාගාරයක් තුළින් 5% සිට ඉහළට වට්ටම් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය සේවකයන්ට ලැබෙනු ඇත.
     
    මෙවැනි වට්ටම් පතක් පොදුවේ සියලුම රාජ්‍ය සේවකයන් හට හඳුන්වා දෙනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර විශ්‍රාම ගිය පසුවද මෙම කාඩ්පත භාවිත කළ හැකි වීම විශේෂත්වය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya