මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික බලවේග හමුවේදී වෘත්තීය සමිති සහාය රජයට

    මාර්තු 26, 2014
    අන්තර්ජාතික බලවේග හමුවේදී රජය සමග රජයට පක්ෂපාතීව කටයුතු කරන බවත් කිසිවිටෙක රට පාවා දීමට සූදානමක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවින්ද්‍ර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    වෘත්තීය සමිති ලෙසින් තමන්ට ප්‍රශ්න ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා මෙවන් ගැටලුවලදී රජය සමග සිටින බවත් පෙන්වා දුන්නේය.
     
    පසුගිය දින වෘත්තිය සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ජන බල මෙහෙයුම අති සාර්ථකව පැවැත්වූ බවත් එම වැඩසටහන අවසානයේ දී එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය වෙත සන්දේශයක් භාරදුන් බවත් ප්‍රකාශ කරන ඒ මහතා ඒ සඳහා අත්සන් දස ලක්ෂයක් අපේක්ෂා කළද ඊට වැඩි ප්‍රමාණයක් ලැබුණු බවද ප්‍රකාශ කළේය.
     
    අන්තර්ජාතික බලවේග මෙවන් ප්‍රශ්න ඇති කරනු ලබන්නේ මානව හිමිකම් පිළිබඳව ඇති ප්‍රශ්නයක් නිසා නොවන බව පෙන්වා දෙන ඒ මහතා රට අරාජික කිරීමට මෙන් ම ඔවුන්ට අවතන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙම රජයෙන් ඉඩක් නොලැබෙන බැවින් මෙම ප්‍රශ්න ඇති කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya