අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රු.5000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ- පරෙස්සම්වන්න Featured

    මාර්තු 27, 2014

    25දා කොළඹ කුරුඳුවත්තේ පිහිටි HSBC බැංකුවේ ඇති දුලාංජලී ජයකොඩි මහත්මියට අයත් බැංකු ගිණුමට ඇය විසින් තැන්පත් කරනු ලැබීමට රැගෙන ආ මිලියන 20ක පන්දාහේ මුදල්නෝට්ටු තොගය ව්‍යාජ නෝට්ටු බව බැංකු අයකැමිවරිය හඳුනාගෙන තිබිණ.

     

    එම ව්‍යාජ නෝට්ටු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු ඔවුන් වහාම පැමිණි අතර ඊට ටික වේලාවකට පසු තවත් රුපියල් ලක්ෂ 20ක චෙක්පතක්  එම බැංකුවේම  වෙනත් ගිණුමකට තැන්පත් කිරීමට පැමිණ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුණේ  ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තැනැත්තා ඔහු නිසා බවට  තහවුරු කරගැනීමෙන් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

     

    දුලාංජලී මහත්මිය මීට පෙර එම ගනුදෙනුකරුවාගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර ඇති බවද මෙහිදී හෙළීවී ති‍බේ. අතුල්කෝට්ටේ පදිංචි හික්කඩුව ආරච්චිගේ ප්‍රිෂාන්ත රෝලින් පෙරේරා නම් වු 48 හැවිරිදි ඔහු  1996 සිට 2000 අතර කාලයේ ලන්ඩනයේ උසස් අධ්‍යාපනය හදාරා 2000දී ලංකාවට පැමිණ  බත්තරමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යමින් නොයෙකුත් ව්‍යාපාරවල යෙදුණු පුද්ගලයෙකු බව අනාවරණ වී තිබේ. 

     

    අත්අඩංගුවට නොගැනුණු දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් පැය ගනාවක කාලයක් ප්‍රශ්න කෙරී ඇත. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් රු.5000 නෝට්ටු 424ක්ද, මුද්‍රණ යන්ත්‍රයක්ද, කපනයක්ද, ඩොංගලයක්ද, ලැප්ටොප් පරිගණකයක්ද, අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තැනැත්තා උසාවි නියෝග මත අප්‍රේල් 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.


    26 උදේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ අජිත් රෝහණ මහතා  මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ සොයා ගැනුණු ව්‍යාජ මුදල් නෝට්ටුවලට අමතරව තවත් රු. 5000 ව්‍යාජ නෝට්ටු තොගයක් දැනටමත් ගනුදෙනු කරුවන් අතර සංසරණය වන බවයි.


    ගනුදෙනුවලදී හමුවන  රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ඒවා හඳුනාගැනීමේදී සැබෑ නෝට්ටුවල ඇති ඝනකමැති දාරයත්, ආලෝකයට නිරාවරණය කළ විට පෙනෙන නෝට්ටුවේ වටිනාකම දැක්වෙන මුදලත් ගැන වි‍ශේෂ අවධානය යොමු කරන ලෙස  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවට දැනුම් දුන්නේය.


    එසේම ව්‍යාජ මුදල් නෝට්ටුවක් අතට පත්වූ වහාම ළඟම ඇති පොලීසියට එය ගෙන ගොස් බාරදිය යුතු බවද පැවසිණ.

     

    JR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya