අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් සංවර්ධන ජංගම කාර්යාල ඌරාපොළට සහ හංවැල්ලට

    මාර්තු 25, 2014

    කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල රබර් ඉඩම් හිමියන් හා එම ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයට සිය සේවාවන් ඉටු කර ගැනීමට එම දිස්ත‍්‍රික්කවල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල පිහිටුවා නොමැත.

    මේ නිසා මෙතෙක් කල් ගම්පහ දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් ඉඩම් හිමියන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප‍්‍රාදේශීය කාර්යාලයෙන්ද, කොළඹ දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් ඉඩම් හිමියන් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයෙන්ද සිය සේවාවන් ඉටු කර ගන්නා ලදී.

    රබර් ඉඩම් හිමියන් හා ක්ෂේත‍්‍රයට සම්බන්ධ අය මුහුණ දෙන දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම දිස්ත‍්‍රික්ක දෙකෙහි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජංගම කාර්යාල පිහිටුවීම කෙරෙහි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

    ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජංගම කාර්යාල දෙකක් අපේ‍්‍රල් 07 සහ ජුනි 10 යන දිනයන්හිදී පැවැත්වේ. ඌරපොළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේදී කාර්යාල වේලාවන්හිදී මෙම ජංගම කාර්යාල පැවැත්වීමට නියමිතයි. මෙම වසරේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජංගම කාර්යාල පවත්වනු ලබන අනෙකුත් දිනයන් පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.


    මීට අමතරව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් සහ කොළඹ දිස්ත‍්‍රික් ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හංවැල්ල සීතාවක ප‍්‍රාදේශීය කාර්යාලයේදී ජංගම කාර්යාල කිහිපයක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.

    ඒ අනුව මාර්තු 27, අපේ‍්‍රල් 10, ජුනි 13. අගෝස්තු 14, ඔක්තෝබර් 09 සහ දෙසැම්බර් 11 යන දිනයන්හිදී මෙම ජංගම කාර්යාල පැවැත්වෙනු ඇත.රබර් වගාව සම්බන්ධයෙන් එම ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයට පැන නැගී ඇති සියලු ම ගැටලුවලට විසඳුම් මෙම ජංගම කාර්යාල හරහා ලබා දීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙසත්, සහභාගී වීමට යම් අපහසුතාවක් ඇතොත් ප‍්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරීන් හමුවී ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    ECB/DM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya