අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශීය බලවේගයන්ට රට පාවා දෙන, දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරීන් පිරිසක් බිහිවී ඇත

    මාර්තු 25, 2014


    ජනාධිපතිතුමා ආරම්භ කර තිබෙන යෝධ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කරමින්, විදේශීය බලවේගයන්ට රට පාවා දෙන, දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරීන් පිරිසක් බිහිවී ඇතැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

    රටේ සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳින අතර, ඔවුන් බටහිර බලවේගයන් වෙත රට පාවා දී සුළු ප්‍රතිලාභ අපේක්ෂා කරන බවත්, එමගින් ඔවුන්ට සමාජීය හා දේශපාලනික තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    හම්බන්තොට, බැරගම, හකුරැටිමුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමින් ඉකුත් දා අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.


     දේශීය හා විදේශීය ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කර ගැනීමට නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ප්‍රගතිශීලී පක්ෂයක් බලයේ සිටිය යුතු යැයි පැවසූ අග්‍රාමාත්‍යතුමා තවදුරටත් මෙසේ ද පැවසීය.

    “යුද්ධය නිමාවී ගතවූ වසර හතරක කාලය තුළ රට දැවැන්ත සංවර්ධනයකට පත්කොට තිබෙනවා.  ඒ අතර, දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘති, වරාය, ගුවන්තොටුපළ, සුවිසල් කර්මාන්තශාලා ආදී සංවර්ධනය යෝජනා ක්‍රම රැසක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දියත් කොට තිබෙනවා. එහි ප්‍රතිලාභ භුක්ති විඳින විපක්ෂය පවා රට විවේචනය කිරීමට උත්සාහ කරනවා. මෙවර පළාත් සභා මැතිවරණය අබියස සිටින අපට දේශීය බලවේගයන් මෙන්ම, ජිනීවා මානව හිමිකම් ගැටලුව මත විදේශීය බලවේගයන්ගේ තර්ජනයන් ද එල්ල වී තිබෙනවා.  එමෙන්ම බඩු මිල වැඩියි, ජීවන වියදම ඉහළ ගිහිල්ලා යැයි පවසන ඇතැමුන් රජය විවේචනය කරමින් තැන තැන දේශන පවත්වනවා.
    නමුත් අවුරුදු හතරක් වැනි කෙටි කාලයක් තුළ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලැබීමට තව සුළු කාලයක් ගතවේවි. කුඹුරක වී වැපුරූ පමණින් අස්වනු නෙළා ගැනීමේ හැකියාවක් නැහැ. වී වැපිරීමේ සිට සහල් නෙළා ගෙන බත සකස් කිරීම දක්වා අදියර ගණනාවක් පසුකළ යුතු වෙනවා.  ඒ අයුරින් සංවර්ධනයේ ප්‍රතිඵල ලැබීමටත් අදියර කීපයක් පසුකළ යුතුයි. නමුත් එහි ප්‍රතිලාභ විදීමේ කාලය නුදුරේදීම අපට හිමිවනවා” යැයි  ජයරත්න මැතිතුමා පැවසීය.

     
    මෙම ජන හමුවට විශාල පිරිසක් සහභාගිව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya