අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊ සංවිධානය ලෝක ළමා ප්‍රඥප්ති සියල්ල කඩ කර තිබෙනවා

    මාර්තු 24, 2014

    එල්ටීටීඊ සංවිධානය පාසල් දරුවන්‍ බලහත්කාරයෙන් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගනිමින් ලෝක ළමා ප්‍රඥප්ති සියල්ල කඩ කර තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු භේදයකින් තොරව සියලු දෙනා නිදහස් කරගත් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

    වටරැක හෝමාගම බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ඉදි කළ හෝමාගම සුනීත විද්‍යාලය පසුගිය 21 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කළ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙදින හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ස්ථාපිත කළ ප්‍රථම මහින්දෝදය තාක්ෂණ පීඨය හා පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ තෙවන අදියර විවෘත කිරීම ද ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරිණි.

    සුළු සුළු වැරදි හේතුවෙන් බන්ඩනාගාරගත වූවන් සමාජගත වන විට ඔවුන්ට ඉදිරි අනාගතය ශක්තිමත්ව ගොඩනගා ගැනීම සඳහා හෝමාගම සුනීත පාසල තුළ පරිගණක දැනුම ලබාගැනීම, විවිධ භාෂා ඉගෙනගැනීම, වෘත්තීය පාඨමාලා යානාදිය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂයන් රැසක් නිර්මාණය කිරීමට එක් දිනකදී හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    පුනරුත්ථාපන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, පුනරුත්ථාපන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya