අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    මාර්තු 24, 2014

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නොවන ඛණ්ඩ 2 නිලධර ගණය සඳහා වන, වනසත්ත්ව නියාමක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013(2014) ලබන 05 දින පැවැත්වෙන බව විභාග කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 5031කි.

     

    ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2013 (2014) විභාගය අප්‍රේල් මස 05 හා 06 දිනවලත්

     

     

    තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණයට අයත් III වන ශ්‍රේණියේ තැපැල් රියැදුරු තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත/ විවෘත තරග විභාගය - 2013(2014) අප්‍රේල් මස 06 දිනත්

     

     

    ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III වැනි පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013(2014) අප්‍රේල් මස 06 දිනත් පවත්වන බව විභාග කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya