අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය, විශ්‍රාම ගන්නා දිනයේ දී ම රාජ්‍ය සේවකයන්ට

    මාර්තු 24, 2014

    විශ්‍රාම ලබන රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙන විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය එම රාජ්‍ය සේවකයා විශ්‍රාම ලබන දිනයේදීම ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී පවසයි.

    පාරිතෝෂික දීමනාව ලබාදීම ගැන අසත්‍ය තොරතුරු රැසක් රටපුරා ප්‍රචාරය වීම නිසා රාජ්‍ය සේවකයා තුළ වැරදි මතයක් ගොඩනැඟීමට උත්සාහ දරන නිසා මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බව පැවසූ ලේකම්වරයා ස්ථිර රජයේ සේවකයන් විශ්‍රාම ලැබීමෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම වරප්‍රසාදයක් බවද සඳහන් කළේය.

    2002 පැවති රජයෙන් අහෝසි කරන ලද විශ්‍රාම වැටුප් හිමිකම් මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව 2005දී නැවත ස්ථිරවම ක්‍රියාත්මක කළේය. ඒ අනුව 450,000ක පමණ පිරිසක් මේ වන විට විශ්‍රාම වැටුප් ලබති. ඒ සඳහා වසරකට රුපියල් බිලියන 125කට ආසන්න මුදලක් වැය වේ. එමෙන්ම වසරකට 20,000ක පමණ පිරිසක් විශ්‍රාම ලබති. 2006 නව වැටුප් චක්‍රලේඛය යටතේ වැඩි කළ වැටුප් නිසාත් ඉල්ලුම්පත් වැඩි ප්‍රමාණයක් ඇති නිසාත් විශ්‍රාම වැටුප් ගෙවීමේදී ප්‍රමාදයක් සිදු වේ. ගිය වසරේ පමණක් 15,000ක් ඉල්ලුම්පත් ලැබී ඇත. මේ තත්ත්වය තුළ විශ්‍රාම ගැනීමේදී නියමිත දිනට විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදි ප්‍රමාදයක් සිදු වේ. මීට විසඳුමක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව විශ්‍රාම ගිය දිනම මෙම පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ලෙස රජයේ බැංකු මඟින් මේ පාරිතෝෂිකය ගෙවීම සිදු කරන බව ඔහු පැවසීය.

    දැනට පවතින ක්‍රමය එසේම ක්‍රියාත්මක වන අතරම නව ක්‍රමයට කැමැත්තක් ඇති විශ්‍රාමිකයන්ට තමන්ට හිමි පාරිතෝෂිකය කඩිනමින් ලබා ගත හැකි වේ. දැනටමත් පාරිතෝෂික දීමනාව අපේක්ෂාවෙන් සිටින විශ්‍රාමලත් රාජ්‍ය සේවකයන්ට හා ඉදිරියේදී විශ්‍රාම ගන්න අයට අදාළ බැංකු ගිණුම් සම්පූර්ණ කළ පසු එම මුදල් ලබා ගත හැකිය. මේ සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව එකඟත්වය පළ කර ඇත. බැංකුව විසින් සපයන පාරිතෝෂික දීමනාව වසර 18කදී පොලී රහිතව විශ්‍රාම වැටුපෙන් ගෙවීමට අවස්ථාව ඇත. බැංකුව විසින් මේ මුදල් සැපයීමේදි ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ බැංකු සමඟ විශ්‍රාම වැටුප් ක්‍රියාත්මකවීම වන අතර වෙනත් ඇපකර අවශ්‍ය නොවේ.

    එම පාරිතෝෂික මුදල සඳහා බැංකුව දරන ප්‍රාග්ධන මුදලට අදාළ පොලී ගෙවීම වාර්ෂිකව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ම වෙන් වූ අයවැය ප්‍රතිපාදන මඟින් සිදු කරයි. යම් අවස්ථාවක විශ්‍රාම වැටුප්ලාභීයා මිය ගිය හොත් බැංකුවට ගෙවීමට නියමිත මුදල රජය විසින් දරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya