නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලුකෝමා සතිය- පා ගමන අද

    මාර්තු 11, 2015

    අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු තේමාව කරගත් ග්ලුකෝමා සතිය 2015 පා ගමන අද (11) කොළඹ, ජාතික අක්ෂි රෝහල අසළ දී ආරම්භ කෙරේ.

     

    ලෝක ග්ලුකෝමා සතියට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන පා ගමන මෙවර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 8.30ට   ආරම්භ කරන බව කොළඹ,ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සනත් ද සිල්වා මහතා පවසයි.

     

    මෙම පා ගමන ජාතික අක්ෂි රෝහල අසළින් ආරම්භ වී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවත ඔස්සේ ඉදිරියට ගමන් කර එෆ්.ආර්.සේනානායක මාවත හරහා විහාර මහ දේවී උද්‍යානය ඉදිරිපිටින් පැමිණ ලිෆ්ටන් වටරවුම ඔස්සේ නැවත ජාතික අක්ෂි රෝහලට පමිණීමට නියමිතය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya