මේ අනුව නීති විරෝධී කටයුතු පිළිබඳව ඉතා විමසිලිවත්ව කටයුතු කරමින් මේ පිළිබඳ තොරතුරු පොලීසියට හා මත්ද්‍රව්‍ය නිවාරණ අංශවලට ලබාදීමට කටයුතු කරන ලෙස අධිකරණ හා කම්කරු සබදතා අමාත්‍යාංශය දිවයිනේ සියලුම සාමවිනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටි.
මෙම නව වැඩපිළිවෙළ ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් හා අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වේ.
මත්ද්‍රව්‍ය නිවාරණ ඒකාබද්ධ කමිටුව විසින් පොලීස, ත‍්‍රිවිධ හමුදාව හා රජයේ ප‍්‍රධාන අමාත්‍යාංශ ගණනාවක මූලිකත්වයෙන් හා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇත.
දැනට ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම හා භාවිතය වැළැක්වීම, නීති විරෝධී මත්පැන් නිෂ්පාදන වැළැක්වීම, පාසල් හා වැඩිහිටි ප‍්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම වැළැක්වීම ඉලක්ක කරගෙන ප‍්‍රජා නායකයන් ලෙස සාමවිනිසුරුවරුන්ගේ සක්‍රිය දායකත්වය සැපයීමට නව රජය යටතේ මෙමඟින් අවස්ථාව ලබා දී තිබේ.
kpm