නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශස්ථ විදේශ ප්‍රතිපත්තිය හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අවධානය

    මාර්තු 10, 2015
    නව පාලනය යටතේ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය ලැබෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විශ්වාසයට බඳුන් වෙමින් පවතින බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ප්‍රශස්ථ විදේශ ප්‍රතිපත්තිය හරහා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පැත්තට නැඹුර කරගැනීමට සමත්ව ඇති බවත් ජාත්‍යන්තරයේ පිළිගැනීමට පත් ව ඇති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීනිවා හි දී ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනා පවා කල්දැමීමට කටයුතු කොට ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකාව පසුගිය රජය සමයේ කළු පැල්ලම් සහිතව ජාත්‍යන්තරයේ අසමත් රාජ්‍යයක් ව පැවති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    සුදුසුකම්වලින් තොරව දේශපාලන හිතවත්කම් හරහා විදේශ සේවයේ පත්වීම් ලැබූවන් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කරන අතර ම ඒ සඳහා සුදුසුකම් සැපිරූවන් ඉදිරිපත් කිරීමට මෙන් ම ඉදිරියේ දී එවැනි පත්වීම් සිදු නොකිරීමටත් කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    පසුගිය කාලයේ දී ඉන්දියාවේ සංචාරය කළ විදේශ රාජ්‍ය නායකයෙකු වෙත ලැබුණු ඉහළ ම ප්‍රතිචාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය නිල සංචාරයේ දී ඒ මහතා වෙත ලැබුණු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන් බවත් මෙහිදී අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya