නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියා - ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති වර්ධන සංසදය 2015 හෙට කොළඹ දී

    මාර්තු 10, 2015

    ඉන්දියා - ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති වර්ධන සංසදය 2015 හෙට (11) කොළඹ ගලධාරි හෝටලයේදී  පැවැත්වීමට නියමිතය.

     

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංසදයට සහභාගී වනු ඇත.

     

    ඉන්දියාවේ UBM ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ යෝගේෂ් මුද්‍රාස් මහතා සමාරම්භක අවස්ථාවේ දී සංසදයට සහභාගි වන සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් සභාව ඇමතීමට නියමිතය.

     

    The Climate Group (India) හි අධ්‍යක්ෂ ක්‍රිෂ්ණන් පල්ලස්සානා, ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් (උපාය මාර්ග) හර්ෂ වික්‍රමසිංහ, මහාචාර්ය මොහාන් මුණසිංහ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලෙය් ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය යන මහත්වරු මෙම අවස්ථාවේ සභාව අමතනු ඇත.

     

    මේ අනුව දෙරටේ විවිධ ආයතන නියෝජනය කරමින් මෙම සංසදය ට සහභාගී වීමට නියමිත නියෝජිතයන්, සැසි වාර හයක් යටතේ පුනර්ජනනීය බලශක්ති වර්ධනය සම්බන්ධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya