1991 වසරේ දී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ පිරවූ බුල් ඩොසරයක් අලිමංකඩ කඳවුරේ සිංහ රෙජිමේන්තුවේ 6 වන කදවුර කරා පැමිණෙමින් සිටිය දී අත්බෝම්බ දෙකක් සමඟ එම බුල් ඩෝසරයට පැන පුපුරුවා හැරීමට ගාමිණී කුලරත්න රණ විරුවා සමත් විය. ඒ හේතුවෙන් එම කඳවුර සහ එහි රැදී සිටි හමුදා සාමාජිකයන් දහසකට අධික පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූයේය.
මෙම වීරක‍්‍රියාව හේතුවෙන් ඔහුට පරම වීර විභූෂණ පදක්කම ද පිරිනමා ඇත. පසුව ඉදි කළ ඔහුගේ පිළිරුව ද, ත‍්‍රස්තවාදීන් විසින් කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බුල් ඩෝසරයේ කොටස් ද අලිමංකඩ යුද හමුදා කඳවුර ආසන්නයේ අදටත් එහිදී දැක ගත හැකිය.
මෙහිදී ගාමිණි රණ විරුවාගේ මෑණියන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එවන ලද ත්‍යාග මෙන් ම ජෝන් අමරතුංග සහ රුවන් විජයවර්ධන මහත්වරු විසින් මුදල් ත්‍යාගයන් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝද වැඩම කර සිටියහ. මීට අමතර ව ගාමිණි රණ විරුවාගේ මව ඇතුළු පවුලේ ඥාතීන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
DB