නවසීලන්තය සමඟ පැවති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම අද(02) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් ලබාගත් අතර නායක චරිත් අසලංක ලකුණු 46 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Matt Henry, Jacob Duffy, Zakary Foulkes, Mitchell Santner, Daryl Mitchell එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ජයග්රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211ක් පමණි. ඒ අනුව තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි විය.
පන්දුවට පහරදීමේදී නවසීලන්තය වෙනුවෙන් Rachin Ravindra ලකුණු 69ක් සහ Tim Robinson ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නායක චරිත් අසලංක කඩුලු 3ක් සහ වනිදු හසරංග කඩුලු 2ක් බැගින් දවා ගත්හ. ඒ අනුව තරගයේ වීරයා ලෙස කුසල් පෙරේරා නම් කෙරිණි.
කෙසේ වෙතත් තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.