2026 වර්ෂය සඳහා වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
එලෙස සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ වසර 26කට පසුව වේ. අවසන්වරට 2000 වසරේදී ශ්‍රී ලංකාව සත්කාරකයත්වය ලබාදී තිබූ අතර, එවර ජීවන් ගුණතිලකගේ නායකත්වයෙන් තරග වැදී ඇති ශ්‍රී ලංකාව විශිෂ්ට දක්ෂතා දක්වා ඇත
ඒ හේතුවෙන් චිලී දේශයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිකරගැනීමටද ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට හැකි වී තිබේ.ෙ
මෙවර රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය හිමිවීමේන් දේශීය රග්බි ක්‍රීඩාව වෙනුවෙන් යහපත් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බවටද විශ්වාසය පළ කෙරේ.


