T20 තරගාවලියට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

T20 තරගාවලියට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
  • SocialShare:

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම T20 ජාත්‍යන්තර තරගාවලිය තරග 03 කින් සමන්විත වන අතර, එම තරග 2026 ජනවාරි 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.