ප්‍රථම ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩී. එස්. ද සිල්වා සමුගනී

ප්‍රථම ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ඩී. එස්. ද සිල්වා සමුගනී
  • SocialShare:

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට මුල් සටහනක් තැබූ දක්ෂ පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී. එස්. ද සිල්වා මහතා එංගලන්තයේදී සදහටම සමුගත්තේය.


1942දී ගාල්ලේ උපන් ඒ මහතා 83 වියේදී ලන්ඩන් නුවරදී අවසන් හුස්ම හෙළීය.
1982දී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් වළල්ලට පිවිසි ප්‍රථම තරගයේ පාදඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ ද සිල්වා මහතා ටෙස්ට් තරග 12ක් හා එක්දින තරග 41ක් නියෝජනය කරමින් කඩුලු 69ක් දවාගෙන ඇත.
ක්‍රීඩකයෙකු ලෙසත් පරිපාලකයෙකු ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ධනයට අමරණීය සේවයක් කළ, හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ ඒ මහතාගේ නාමය ක්‍රිකට් ඉතිහාසයේ සදහටම දිදුලයි