ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
  • SocialShare:

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජය කර කඩුළු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

මෙය වාර්තා අතරට එක්වුණේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ 2009 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182 ඉලක්කය ශ්‍රී ලංකාව කඩුලු 2ක් පමණක් දැවී 18 වන පන්දු වාරයේදී සාර්ථකව හඹා ගියේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අතිවිශිෂ්ට ශතකයක් වාර්තා කළේය. පන්දු 52කදී ගොඩනැගූ ඔහුගේ ශතක ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් ඇතුළත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51ක්ද, පවන් රත්නායක පන්දු 15කින් නොදැවී ලකුණු 28ක්ද රැස් කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.