සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණු ඇතිව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා හෙට සිට ආරම්භ වන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ(24)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවසීය.
ඒ අනුව ක්‍රීඩා සතියේ පළමු තරග අදියර ලෙස ‘Clean Sri Lanka පාපැදි රැලිය හෙට උදෑසන රීඩ් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භ වීමට නියමිතය.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව Clean Sri Lanka වැඩසටහන සමඟ එක්ව මෙම ක්‍රීඩා සතිය පැවැත්වෙන අතර, ටොරින්ටන් පෙදෙසේදී හෙට පස්වරු 3. 30ට පාපන්දු තරගයක්, පස්වරු 4ට ජිම්නාස්ටික් තරග, පස්වරු 5ට කරාටේ හා වුෂූ සංදර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇත. අනිද්දා (27) දින පස්වරු දෙකේ සිට නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල්, රෝද සපත්තු සංදර්ශනයක්, අංගම්පෝර හා හොකී තරග පැවැත්වේ. ක්‍රීඩා සතියේ සමාප්තිය සටහන් කරන 31 වැනිදා පස්වරු 4ට යෝගා හා ව්‍යායෑම් සංදර්ශනයක් පැවැත්වෙන අතර, නිවසේ සිට තනිව ව්‍යයෑම් සිඳු කිරීමේ පහසුව පිණිස විශේෂඥ දැනුම ඇති පිරිසක් සකස් කරන ලද වීඩියෝවක් හදුන්වාදීම ද සිඳු කෙරේ.


