ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල එළඹෙන එළඹෙන සිව් මස පුරා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
නිරෝගීමත් සහකම්පන්නයෙන් යුත් තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත්, එහි එක් වැඩසටහනක් ලෙස මෙම යෞවන ක්‍රීඩා උළෙල පැවැත්වෙන බවද කීය.
ග්‍රමාසේවා වසම්/ ප්‍රොදේශීය ලේකම් සහ දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් ඉදිරි මාස 04 පුරා මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ.
තෘප්තිමත් තාරුණ්‍යයක්, නිවහල් චින්තනයක් තිබෙන තරුණ පරම්පරාවක් බිහි කිරීම රජයේ අරමුණ බවත්, පසුගිය වසර කිහිපය පුර අපේ තරුණ පරම්පරාවට ක්‍රීඩාශීලී ජීවිතය අහිමි වූ බව පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් රජය මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවත්, මෙවැනි වැඩසටහන් තුළින් රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමට උත්සාහකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
දිවයින පුරා සිටින වයස අවුරුදු 15ත් 29ත් අතර , තරුණ තරුණියන්ට මෙම ක්‍රීඩා උළෙල සඳහා සම්බන්ධ විය හැක. තරුණ තරුණියන්ට තමාගේ ක්‍රීඩා කෞශල්‍ය පෙන්වීමට මෙම ක්‍රීඩා උළෙල හොඳ අවස්ථාවක් බැවින් ඒ සඳහා එක්වන්නැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කළේය.


