මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලද ඉහළම ස්ථානය තාවී සමරවීරට

මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලද ඉහළම ස්ථානය තාවී සමරවීරට
  • SocialShare:

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන තාවී සමරවීර වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ සටහනේ 06 වෙනි ස්ථානයට පත්ව තිබේ.

ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගතකිරීම් හි මෙතෙක් පැමිණි ඉහළම ස්ථානය වන්නේ ද ඔහු ලබා ගත් මෙම ජයග්‍රහණය වේ.

එසේම වයස අවුරුදු 13න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම් හි 33 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණට ද ඔහු සමත් වීම ද විශේෂත්වයකි.

ඒ අනුව වයස් කාණ්ඩ දෙකක ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී පළමු 100 දෙනා අතර රැදී සිටීමද තාවී සමරවීරට හැකියාව ලැබි තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.