පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
  • SocialShare:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර ඉනිම අත්හිටුවනු ලැබීය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 165ක් පමණයි .

ඒ අනුව ලකුණු 489ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

කෙසේ නමුත් එවරද ශ්‍රී ලංකාව ලකුණු 247 සීමාකිරීමටයි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වී තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.