පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය රුපියල් මිලියන 124ක වියදමින් නවීකරණය කර තිබේ.
මෙම නවීකරණය යටතේ නවීන Touch Pad පද්ධතිය, Starting Blocks සහ Display Board ස්ථාපනය කර ඇති අතර, එමඟින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව තරග පැවැත්වීමේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ පුහුණු සහ තරගකාරී පරිසරයක් හිමිවීමත්, ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ ප්‍රගතියට දායකත්වයක් සැපයීමත් අපේක්ෂා කරන බව මෙම අවස්ථාවට එක් වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසිය.


