මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනයට සාකච්ඡා

    පෙබරවාරි 15, 2023

    කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡවක් කොරියානු තානාපති Woonjin Jeong මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් අතර බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී පසුගිය (09) දා පැවැත්විණි.

    දෙරට අතර සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් සහ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ අමාත්‍යවරයා ගේ අවධානය යොමූ වූ අතර ඉදිරියේ දී ද්වීපාර්ශවික සංස්කෘතික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවලක් සකස් කිරීමට උපදෙස් ලබා දුන්හ.

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිවරයා සමඟ එම තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Lim Soyeon මහත්මිය ද සහභාගී විය. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා එම , අතිරේක ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් කිහිපදෙනෙක් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී විණි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya