සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහකොමසාරිස්වරු සහ තානාපතිවරු කිහිපදෙනෙක් කථානායක හමුවෙයි

    ජූලි 20, 2022

    මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් (18 දිනා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  හමුවිය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කළේය. මෙහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූතපිරිස සිය ප්‍රශංසාව පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya