සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පිටත්කර අවසන් - කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    සැප්තැම්බර් 20, 2024

    2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පිටත්කර යැවීමේ කටයුතු කලුතර දිස්ත්‍රික්කයේ පස්දුම්රට විද්‍යාපීඨයේ සිට අද උදෑසන ආරම්භ කළ අතර මේ වන විට එම කටයුතු අවසන් බව කලුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ජනක කේ. ගුණවර්ධන මහතා පවසයි. මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    කලුතර දිස්ත්‍රික්කය සඳහා 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දදායකයින් 1024,244ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් මෙම ඡන්දදායකයින්ට දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735කදී ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවත් අවධාරණය කළේය.‍

    ඡන්ද ස්ථානාධිපතිවරුන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ වන ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාදීමේ කටයුතු යුහුසුළුව සිදුවන බවද, පෙරවරු 10 සිට මෙම ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා අදාළ ජ්‍යෙෂ්ට ස්ථානාධිපතිවරුන් පිටත්කර යැවූ බවද පැවසුවේය.

    මෙම සමස්ථ වැඩසටහන සඳහා නිලධාරීන් 14,000 කට ආසන්න කණ්ඩායමක් පත්කර ඇතැයිද, ඒ යටතේ ඡන්ද මධ්‍යස්ථාන 9000ක්, ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් 5000කට වැඩි පිරිසක්යොදාගෙන ඇතැයිද, සමස්ථ දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇතැයිද කලුතර දිසාපතිවරයා සඳහන් කළේය.

    ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා 1500කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා ඇති බව ද කලුතර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ හෙට (21) පෙරවරු 07ට කලුතර දිස්ත්‍රික්කය පුරා සෑම ඡන්ද මධ්‍යස්ථානයකදීම ඡන්දය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
    හෙට උදෑසනින්ම පැමිණ කඩිනමින් තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස කලුතර දිසාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya