සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍හෙට පැවැත්වෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුම පැවැත්වීම සඳහා සියල්ල සූදානම්

    සැප්තැම්බර් 20, 2024

    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    අද (20)කොළඹ රාජකීය විද්‍යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය. හෙට දින ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු සියලුම රහස්‍ය ලේඛන
    මේ වන විටත් අදාළ මධ්‍යස්ථාන වෙත යවා ඇතැයිද  කොමසාරිම් ජනරාල්වරයා පැවසීය.

    ඒ අනුව හෙට උදෑසන 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස හතර දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව
    ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya