සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ඡන්ද විමසීම හෙට පෙරවරු 07ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

    සැප්තැම්බර් 20, 2024

    2024 ජනාධිපතිවරණයේ කොළඹ ඡන්ද විමසීම හෙට පෙරවරු 07ට සිදුකිරීමට සියලු කටයුතු සූදානම් බව බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් එස් කේ බණ්ඩාර මාපා මහතා සඳහන් කරයි.
    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ අද (20) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

    කොළඹ දිස්ත්‍රික්කයේ 1,765,351 ක් වන ඡන්ද දායකයන් සඳහා ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සහ ඡන්ද පත්‍රිකා පිටත් කර හැරීම මේ වන විට සිදුකර අවසන් බවද, ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් සඳහා නිලධාරීන් 20,000ක් යොදවා ඇතැයිද සඳහන් කළේය.

    පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ඒ ඒ ආරක්ෂක අවශ්‍යතා අනූව යොමුකර අවසන් බවද තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25ක් කොළඹ රාජකීය විද්‍යාලයේ පවත්වාගෙන යන බවද පැවසුවේය.
    සාමාන්‍ය ගණන් කිරීමේ ශාලා ඩී එස් සේනානායක විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ 140ක් පමණ පවත්වාගෙන යන බවද, එම කටයුතු සඳහා නිලධාරීන් යොමුකර අවසන් බවද පැවසූ නියෝජ්‍ය මැතිවරණ

    කොමසාරිස්වරයා හෙට පස්වරු 04.15 පමණ වන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.
    හෙට පස්වරු 06.00 පමණ වන විට සාමාන්‍ය ඡන්ද පොළවල් හි ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද, එම සියලු කටයුතු සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම සඳහා

    කලාප භාර සහකාර තේරීම්භාර නිලධාරීන් 230 දෙනෙකු පත්කර ඇතැයිද පැවසුවේය.

    සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වලින් අදාල තේරීම්භාර නිලධාරියා තමා සමග සම්බන්ධීකරණය වන බව පැවසූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් එස් කේ බණ්ඩාර මාපා මහතා සියලුම නිලධාරීන් ස්වකීය සේවා ස්ථාන වලට වාර්තා කිරීම මේ වන විට සහතික කර ඇතැයිද පැවසුවේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා විශාල ඡන්ද දායකයින් සංඛ්‍යාවක් එක ඡන්ද පොළකට සිටින බැවින් හැකිතාක් උදෑසනින් පැමිණ සිය ඡන්දය නිදහස්ව හා සාමකාමීව භාවිතා කර මාර්ග වල රැඳී නොසිටිමින් නිවෙස් වලට යන ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායතකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් පවත්වාගෙන ගිය සාමකාමී තත්ත්වය හෙටත් අනිද්දාත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද, ඒ සඳහා මහජන සහය අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya