සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමයේ, ආදරයේ, සහෝදරත්වයේ හා බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර නත්තල සමරන්න

    දෙසැම්බර් 25, 2021

    සාමයේ, ආදරයේ, සහෝදරත්වයේ හා බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර නත්තල සමරන්න - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට දායාද කළ සාමයේ, ආදරයේ, සහෝදරත්වයේ හා බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර නත්තල සමරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් පැවසූහ.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම විනෝදාස්වාදය ගැන පමණක් නොසිතා නත්තල් උත්සවය දිළිඳු අසරණ අයට පිහිට වීමේ අවස්ථාවක් බවට පත් කර ගත යුතු බවයි. නත්තල් උත්සවය හුදෙක් සංස්කෘතික උත්සවයක් හෝ සමාජීය උත්සවයක් නොවන බවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් මගෙහි ගමන් කිරීම සෑම කිතුනුවකුගේම වගකීම බවත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පිහිට වෙමින් මෙවර නත්තල ප්‍රීතිමත් නත්තලක් බවට පත් කර ගන්නා ලෙසත්, ශරීරය සහ මනස තෘප්තිමත් කර ගැනීමට ආත්මාර්ථයෙන් කටයුතු කළහොත් නත්තලට පසුදා දැනෙන්නේ ඉතාමත් හිස් බවක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    උන්වහන්සේ පෙන්වා දුන්නේ, ගව මඩුවක සතුන් මැද නිහතමානී පරිසරයක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ යථාර්ථය අමතක කර කිසිවකුට නත්තල් උත්සවය සැමරීමට නොහැකි බවයි.

    මෙවර නත්තලේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණු, ආදරය - දයාව පිරුණු සහෝදර ජනතාවගේ බඩඟින්න දැනෙන ගැඹුරු කැපවීමක් අත්දකින නත්තල් උත්සවයක් සමරන්නට ආශිර්වාද ලැබේවා! කියා ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya