මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම ඇරඹෙයි

    දෙසැම්බර් 07, 2020

    මාවැල්ල ධීවර නැංගුරම්පොළෙහි ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 06 දින ආරම්භ විය.

     

    යෝජිත නැංගුරම්පොළ තුළ මීටර් 260 කින් යුතු ප්‍රධාන දියකඩනය, අක්වෙරළ දියකඩන දෙකක් හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ද ඉදි කිරීමට නියමිතය.

    පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් මේ තුළින් ලබාදීමට අපේක්ෂිතය. එමෙන්ම මෙහි බහුදින ධීවර යාත්‍රා සඳහා ද ධීවර කටයුතු වල නියැළීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.

    යෝජිත මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 ක පමණ පිරිසකට ජීවනෝපාය සැලසෙන අතර ඒ තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු වඩා ඵලදායී වනු ඇත.

    මාස 15 වැනි කෙටි කාලයක් තුළ මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 380.07 කි.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් ගලප්පත්ති, දිලිප් වෙදආරච්චි, අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා හිටපු ධීවර අමාත්‍ය ඩී.වී.උපුල්, ධීවර අමාත්‍යංශ ලේකම් ආර්.එම්.අයි.රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya