මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සුළං බලාගාරය 08 වැනිදා ජාතික පද්ධතියට

    දෙසැම්බර් 06, 2020

    මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය එළැඹෙන 08 වැනි දින අග්‍රඅමාත්‍යය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    මන්නාරම සුළං විදුලි බලාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
    අද ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි විශාල ප්‍රවනතාවයක් ඇවිල්ලා තියෙනවා.ඒ අනුව ලෝකයේ දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල්, සියලු රටවල් තමන්ගේ බලශක්ති ගැටලුවට විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් එකතු කර ගත යුතුයි හා එකතු කර ගනිමින් පවතිනවා.ලංකාව ගත්තාම ඉතාමත් සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ සඳහා වැඩි විශේෂත්වයක් පමණක් නෙමෙයි, වැඩි බරක් පුනර්ජනනීය බලශක්තිය සඳහා තබා තිබෙනවා.

    ඒ අනුව තමයි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අපිත් රටක් විදිහට දැවැන්ත විවාදයක් හා දැවැන්ත සාකච්ජාවක් එ සම්බන්ධව ඇති වෙලා තියෙන්නේ.එ් අනුව අපිට ඉලක්කයක් තිබෙනවා 2030 වන විට ජාතික විදුලි බල පද්ධතියට, පුනර්ජනනීය බලශක්තිය 70% ක දායකත්වයක් ලබා දිය යුතුයි කියන කාරණාව.මේ සියල්ලම සලකා බැලුවම අපි ඉතාමත් සතුටු වෙනවා අපිට රටක් විදිහට ඉතිහාසයේ පුනර්ජනනීය බලශක්තියත් එක්ක ආව ගමනේ,ඉතාමත් හොඳ සන්ධිෂ්ඨානයක් බවට පත් වෙනවා, මන්නාරම සුලං විදුලි බලාගාරය.අපි දෙසැම්බර් මාසේ 08 වැනිදා අපිට පුළුවන්කම ලැබෙනවා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100 ක් සුළං විදුලි බලාගාරයක් ජනතා අයිතියට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා.එහෙම ගත්තාම පුනර්ජනනීය බලශක්තිය අති දැවැන්ත විදිහට, අපි පුනර්ජනනීය බලශක්තිය මගින් ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරන අවස්ථාවක් තමයි දෙසැම්බර් මාසේ 08 වැනිදා කියලා කියන්නේ.


    මේ බලාගාරයට කලින් සුළං බලාගාර ගත්තොත් මෙගාවොට් 148 ක් පමණ මේ වන විට එකතු කරලා තියෙනවා කුඩා බලාගාර විදිහට.නමුත් මන්නාරම සුළං විදුලි බලාගාරය කියන්නේ ආණ්ඩුව සතු වන අති දවැන්තම පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කරන බලාගාරයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්කම තියෙනවා.මේ සඳහා අපිට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතලිහයක් පමණ වියදම් කරලා තියෙනවා.ලංකා මුදලින් ගත්තොත් පියල් මිලියන විසි පන්දහසක් මේ සඳහා වැය කරලා තියෙනවා.එ වගේම මේ සඳහා භාවිතා කරපු තාක්ෂණය ගත්තොත් ලෝකයේ අති දැවැන්තම, අති දියුණුම තාක්ෂණ සහිත සමාගම් තමයි මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙන්නේ.ඒ අනුව පුනර්ජනනීය බලශක්තියේ තවත් එක් අදියරකට අපි ගමන් කරලා තියෙනවා.මන්නාරම සුළං විදුලි බලාගාරය කියන්නේ තවත් එක් අවස්ථාවක් පමණයි,අපි ඉදිරි කාළය තුළ බලාපොරොත්තු වෙනවා,70% ක ඉලක්කය සඳහා පුනර්ජනනීය බලශක්තිය ඉතාමත් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එකතු කරන්නත්.එමගින් මේ රටේ විදුලිය අඩු මුදලකට බලාපොරොත්තු වන, ඒ වගේම විදුලිය ආර්ථිකයේ මර්මස්ථානයක් බවට පත් වෙලා තිබීම අපේ ආර්ථිකයට විශාල හයියක් මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීම මගින් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කථා කරපුවහම,අපි මේ මන්නාරම බලාගාරයෙන් පමණක් මෙගා වොට් 100 ක බලාගාරයෙන් පමණක් කාබන්ඩයොක්සයිඩ් වර්ෂයකට මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් එකතු වීම අපි වලක්වනවා.

    ඒ කියන්නේ අඩු මුදලකට විදුලිය ලබා ගැනීම පමණක් නෙමෙයි, පරිසරය දූෂණය වීමත් විශාල වශයෙන් අපි වලක්වා ගන්නවා.පුනර්ජනනීය බලශක්තිය කියලා කියන්නේ අඩු මුදලකින් විදුලිය ලබා ගැනීම පමණක් නොවෙයි පරිසර හිතකාමී විදිහට පරිසර විනාශයටත් විසදුමක් විදිහටත් අපි මේක දකිනවා.මන්නාරම බලාගාරය ගත්තාම මෙගා වොට් 100 ක සුළං විදුලි බලාගාරයෙන් අපිට රුපියල් 10 කට වඩා අඩු මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා.එ් නිසා අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීමේදී රටේ ජනතාවට ලබා දීම සඳහා බොහෝම අඩුම මුදලකට විදුලය නිෂ්පාදනය කිරීම තමයි අපේ අරමුණ වන්නේ යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya