මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසර මුලදී ගුවන් තොටුපොළ සංචාරකයින්ට විවෘත කරනවා-අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ දැනටමත් කෙටුම්පත් කරමින් සිටිනවා

    දෙසැම්බර් 05, 2020

    ලබන වසර මුලදී ගුවන් තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ දැනටමත් කෙටුම්පත් කරමින් සිටින බවද එය අවසාන අදියරට ළඟා වී ඇතැයිද අමාත්‍යවරයා කීය. ඔවුන් ලබා දෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව එය සිදු කරන බවත් විදේශ සංචාරකයින්ට කොවිඩ් 19, රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද මේ වන අවධානය යොමු වී ඇතැයිද ඒ මහතා කීය.

    අද දින එම අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටේ ජනතාව අනතුරකට පත් කළ නොහැකි බැවින් ගුවන් තොටුපොළ විවෘත කිරීම පිළිබඳ තව දුරටත් කාලය ගන්නා බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    පසුගිය රජය කටුනායක ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර නවතා දැමු බවත් එමගින් රටට විශාල මුදලක් පාඩු වූ බවද අමාත්‍යවරයා කීය. කටුනායක ගුවන්තොටුපළේ ධාරිතාව වැඩි කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරගෙන යන අතර මත්ත ගුවන් තොටුපළද සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට රජය කටයුතු කර තිබේ. මත්තල ගුවන් තටෙුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන්ද මේ වන විටත් සාකච්ඡා සිදු කෙරේ. යාපනය සහ මඩකලපු ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන තිබේ.

    සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන 4950ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙන බවත් සංචාරකයින් සඳහා සුරක්ෂිත සහ ආකර්ෂණීය රටක් බවට පත් කිරීම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබේ. සෞභාග්‍යයේ දැක්මට අනුව සංචාරක කර්මාන්තය , පරිසර හිතකාමී, සංස්කෘතිය ආරක්ෂා වන පරිදි දියුණු කිරීමට සැළසුම් කර ඇත.2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීම රජයේ ඉලක්කය බවත් වාර්ෂිකව මිලියන 07ක් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ. පාස්කු ප්‍රහාරය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පැවති බවත් එම තත්වය දිගටම පැවතියේ නම් මිලියන 07ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අභියෝගයක් නොවන බවත් පැවසූ අමාත්‍යවරයා ගෝලීය වසංගතය හමුවේ මෙරටට විදේශ විනිමය ගෙන ආ ප්‍රධානම කර්මාන්තය කර්මාන්තය බිඳ වැටුණු බවයි.

    සංචාරක ක්ෂේත්‍රය රැක ගැනීමට නම් එම ක්ෂේත්‍ර යේ නියැලූවන් ආරක්ෂා කර ගතයුතු බවත් එම ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළට එම ප්‍රතිලාභ බෙදී යා යුතු බවද අමාත්‍යවරයා කීය. සංචාරක ව්‍යාපාරයේ නියුතු මාර්ගෝපදේශකයන්ට සහ රියැදුරන්ටද සහණ රැසක් ලබා දී ඇති බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියැළි ව්‍යාපාරිකයන්ට ලබා දෙන විදුලි සහණය තවත් මාස 06ක් ලබා දෙන මෙන් විදුලිබල අමාත්‍යවරයාගෙන්ද ඉල්ලා සිටියේය.

    ශ්‍රී මහා බෝධිය වැනි ජාතික වැදගත්කමකින් යුත් ස්ථාන දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ඇති ස්ථාන බැවින් ඒවා සංවර්ධනය සඳහා කටයුතු කරන බවද කොරෝනා වසංගත තත්වය මධ්‍ය යේ වුවද නිසි පරිදි නඩත්තු කළ බවද අමාත්‍යවරයා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya