මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නෑ-අමාත්‍ය නාමල් රාජපක්ෂ

    දෙසැම්බර් 05, 2020

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වැයවන සියලූ මුදල් අනුග්‍රාහකයන් මාර්ගයෙන් ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරගාවලිය හරහා ආදායමක් ලැබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා අද(05) පාරලිමේන්තුවේදී සඳහන් කළේය.

    මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තවද ඉදිරි වසර තුළ නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya