මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020 දෙසැම්බර් 10 දිනට පෙර අයදුම්පත් යොමු කරන්න- අධ්‍යාපන අමාත්‍යාංශය

    දෙසැම්බර් 05, 2020

    2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ.

    සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සළසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්, දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතුය.

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

     

     

    මාධ්‍ය ඒකකය-අධ්‍යාපන අමාත්‍යාංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya