මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යසාර අඩංගු කාලේ බෝතල් අවිධිමත් ලෙස බැහැර කිරීම වැළැක්වීම සඳහා තීරණයක්

    දෙසැම්බර් 05, 2020

    මත්වතුර අලෙවි සැල් මගින් අලෙවි කරන කාලේ ප්‍රමාණයේ බෝතල් භාවිතය නිසා විශාල පරිසර හානියක් සිදුවන බව පරිසරවෙව්දීන් මෙන්ම විද්වතුන් ද අවස්ථා ගණනාවනක දී කරුණු පැහැදිලි කර තිබේ.


    මේ නිසා මත්වතුර අඩංගු කාලේ බෝතල් අවිදිමත් ලෙස බැහැර කිරීම නැවැත්වීම සම්බන්ධව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කරන ලදී. මේ අනුව (04) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට පරිසර අමාත්‍යාංශය, ලංකා ස්කාගාර සංස්ථාව හා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයේ සහභාගි වූහ.

    මෙහිදී පරිසර අමාත්‍යවරවයා විසින් කාලේ බෝතල් භාවිතය මගින් විශාල පිරිසර හානියක් සිදුවන බව පෙන්වා දුන්නේය. එම මධ්‍යසාර අඩංගු කාලේ බෝතල් භාවිතය තහනම් කිරීමට කළින් අවධානය යොමු කර තිබුනත්, එම කර්මාන්ත කරුවන් ගේ ඉල්ලීම් සළකා බලා ඊට විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    ඒ අනුව මෙම සාකච්ඡාවේ දී එළැඹි තීරණයට අනුව මත්වතුර අලෙවි කරන අලෙවි සැල් මගින් නිකුත් කරන කාලේ බෝතල් නැවතත් ලබා ගැනීම සඳහා තැම්පත් මුදලක් Deposit අය කිරීමට තීරණය විය. මෙම මුදල රුපියල් පහක් හෝ දහයක්වැනි සුළු මුදලක් නොවිය යුතු බවත්, පාරිභෝගිකයින් එම මුදල් නැවත ලබා ගැනීමට පොළඹවන මට්ටමේ එකක් විය යුතු බවද අවධාරණය විය‍

    මෙහිදී තැම්පතු මුදල කොපමණද යන්න සම්බන්ධව අවසන් තීරණයක් පරිසර අමාත්‍යාංශය හා අදාල අංශ සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන ලදී.

    කෙසේ වුවද මෙම තීරණය ක්‍රියාත්මක නොකිරීමට මත්වතුර නිපදවන සමාගම් පියවර නොගන්නේ නම් අනිවාර්යයෙන්ම කාලේ බෝතල් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    දැනට වාර්තා වන අයුරින් අප රටේ වාර්ෂිකව නිපදවන කාලේ බෝතල් ප්‍රමාණය මිලියන 120කි. ඉන් මිලියන 18-20ක් අතර ප්‍රමාණයක් අරක්කු දැමීම සඳහා භාවිතා කරන අතර ඉන් සියයට 60කටත් වඩා ප්‍රමාණයක් නැවත භාවිතයට නොගෙන පරිසරයට බැහැර කරන බවට සනාථ විය.
    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya